උදරයේ තිබූ කිලෝ 10ක ගෙඩියක් සැත්කමකින් ඉවත් කරයි
පුද්ගලයෙකුගේ උදරයේ තිබූ කිලෝ දහයක් බරැති ගෙඩියක් සැත්කමකින් ඉවත් කිරීමට දඹුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකට අද (27දා) හැකිවී තිබේ.
මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි (62) වියේ පසුවන පුද්ගලයෙකුගේ උදරයේ තිබූ ගෙඩියක් මෙලෙස ඉවත් කළ බව දඹුල්ල රෝහල සඳහන් කරයි.
එම පුද්ගලයා මීට දින කීපයකට පෙර උදරයේ ඇතිවූ වේදනාවකට ප්‍රතිකාර ලබාගැනීමට දඹුල්ල රෝහලට ඇතුළත් වී ඇත.
ඒ අනුව දඹුල්ල රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා ඔහු පරික්ෂා කර බලා පරීක්ෂණ කීපයකට යොමුකර තිබේ. එහිදී විකිරණ විශේෂඥ සුනෙත් වීරසූරිය මහතාගේ පරීක්ෂණ අනුව මේ පුද්ගලයාගේ උදරයේ දකුණු වකුගඩුව ආසන්නයේ තිබූ විශාල ගෙඩිය සොයාගෙන ඇත .
ඒ අනුව දඹුල්ල රෝහලේ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන අජිත් අර්ථනායක, අකලංග පෙරේරා සහ ඉන්දිරා ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු කාර්ය මණ්ඩලය දඹුල්ල රෝහලේදී මේ විශේෂ සැත්කම සිදුකොට තිබේ.
මෙහිදී එම පුද්ගලයාගේ අමාශයේ තිබූ කිලෝ 10ක් බරක් සහිත විශාල ගෙඩියක් ඉවතට ගැනීමට හැකිවූ බවත් මේවන විට රෝගියා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍ය අජිත් අර්ථනායක මහතා පැවසීය.
ඒ අනුව මේ ගෙඩිය හටගත් ආකාරය හා එහි කුමක් යන්න සොයා බැලීම සදහා අවශ්‍ය පරීක්ෂණාගාර වෙත ගෙඩිය යැවීමට තීරණය කල බවද පැවසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

