උදරයට ඇනුණ පිහියද සමග මුල්ලේරියාව රෝහලට ඊයේ (19දා) රැගෙන ආ තරුණයකු පැය එකහමාරක සාර්ථක ශල්‍යකර්මයකින් අනතුරුව ඔහුගේ උදරයේ ඇනී තිබූ පිහිය ඉවත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අඟල් පහක් පමණ උදරය පසාරු කරගෙන පිහිය ශරීර අභ්‍යන්තරයට ගොස් තිබූ අතර වාසනාවකට මෙන් ඔහුගේ උදරයේ ප්‍රධාන ඉන්ද්‍රියන්ට හානිවී නොතිබූ බවත් මේවන විට ඔහු සුවය ලබමින් සිටින බව ශල්‍යකර්මය සිදුකළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික වික්‍රමසේකර මහතා පැවැසීය.
එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යෑමේදී පිහියෙන් ඇන ගෙන ඇතැයි සැකයක් මතුවී ඇති බවද පොලීසිය කියයි.
ගයාන් සූරියආරච්චි