රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු නිකුත් කරන්නැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණ විසින් අද (18) ඉවත දැමුනලදී.
2006 වසරේදී සිදුවූ බව කියන මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබූ උදයංග වීරතුංගට නොතීසි බාරදීමට ඔහු ශ්‍රී ලංකාවේ නොසිටි බැවින් මෙලෙස ඔහු අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා තිබිණි.