භාෂාව පදනම් කරගත් ප්‍රාන්ත දෙකකින් සමන්විත ෆෙඩරල් රාජ්‍යක් සඳහා යෝජනාව සම්මත කරගැනීම සඳහා වූ කෙටුම්පත සම්පූර්ණ නොකිරීම නිසාවෙන් ඒ පිළිබඳ ඡන්ද විමසීම මේ මස 28 වනදා දක්වා කල් තැබීමට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් විසින් පියවර ගත් බවට පළාත් සභා මන්ත්‍රී වී.ජයතිලක මහතා පැවසීය.
ඊයේ (12) දින රැස්වූ උතුරු පළාත් සභාවේ සභාවාරය අවසන්වීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.