උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් එම ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් ඔවුන්ට යළි ලබාදී ඔවුන්ගේ ආර්ථිකය නගාසිටුවීමට මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමට රජය පියවර ගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ පැවසූහ.
නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද(12) පෙරවරුවේ අස්ගිරි මහනාහිමි බැහැදුටු අවස්ථාවේ උන් වහන්සේ මේ බව පැවසූහ.
කාලගුණ විපත් මෙන්ම සාලාව හමුදා කදවුරේ පිපිරීමෙන් පීඩාවට පත් වූ සහ අවතැන් වූවන්ගේ ජිවිත යළි නගා සිටුවීම සඳහා විධිමත් වැඩපිළවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද උන් වහන්සේ සඳහන් කළ අතර එමෙන්ම යුධ හමුදා අවි ගබඩා කොස්ගම වැනි ජනාකීර්ණ ප්‍රදේශවල යළි ස්ථාපිත නොකළ යුතු බව අස්ගිරි මහනාහිමියන් එහිදී වැඩිදුරටත් පැවසූහ.