බෞද්ධ වෙහෙර විහාර මෙන්ම බුදු පිළිම ඉදිකිරීමේ අයිතිය භික්ෂූන් වහන්සේලාට හා සිංහල ජනතාවට ඇති බවත් උතුරේ ඉදි කළ බෞද්ධ විහාර හෝ බුදුපිළිම කිසිවිටෙක ඉවත් නොකරන බවද ඉදිකර ඇති බෞද්ධ වෙහෙර විහාර හා බුද්ධ ප්‍රතිමා ඉවත් කිරීමට උත්සාහ කළ හොත් එය විශාල ගැටළුවක් බවට පත් වනු ඇති බව ද බන්ධනාගාර පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ප්‍රකාශකළේය. එබැවින් උතුරේ වෙහෙර විහාර ඉවත් කිරීමට කිසිවිටක කටයුතු කළ නොහැකි බව අමාත්‍යවරයා කීවේය. කිලිනොච්චියේ දී ජනතා ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේබව කීවේය.