ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඉන්දියාවේ නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරු දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී (27දා) ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වී තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය පෙන්වා දෙන පරිදි, නායකයන් දෙපළ අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කරගෙන ඇත.
යුද්ධයෙන් පසු උතුරේ තත්ත්වය
පුනරුත්ථාපන, නැවත පදීචි කිරීම්, සහ ප්‍රතිසංවර්ධන යන ක්ෂේත්රවල ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සහ වත්මන් සමගි සන්ධාන ක්‍රියාදාමය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් විස්තර කළ බවද පෙන්වා දෙයි.
ධීවර ප්‍රශ්නයට තිරසාර විසඳුමක්
නායකයන් දෙදෙනා දෙරටේ ධීවරයන්ගේ ප්රශ්නය, දෙරටේම ධීවරයන්ගේ අදහස් උදහස් සැළකිල්ලට ගනිමින් තිරසාර විසඳුමක් සෙවීම පිණිස ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
ධීවරයන් අතර සාකච්ඡා සහ නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ රැස්වීම් අඛණ්ඩව සිදූ කළ යුතු බවටද නායකයන් දෙදෙනා එකඟ වී ඇති බව කියැවෙයි.
ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීම
සාක් ව්‍යාපෘතීන්ගේ සාර්ථකත්වයට ඉන්දියාවේ නායකත්වය තීරණාත්මක බවද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී තිබේ.
ඒ අනුව, සාක් ක්‍රියාකාරීත්වය ඉදිරියට ගෙන යාමේදී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.