උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් හඳුනා ගැනීමේ කටයුතු ලබන සිකුරාදා (ජූනි මස 03 වනදා ) වන විට අවසන් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීමේ කටයුතු පිලිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
උතුරේ අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් පෙන්වීමේ කටයුතු ද මෙම ජූනි මාසයට පෙර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් අයි.එච්.කේ. මහානාම යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ රාජ්‍ය නිළධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.