උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය,පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යවරයා ලෙස පත්මනාදන් සත්‍යලිංගම් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ දී අද දින (13) දිවූරුම් දෙනු ලැබීය. එහි දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද,ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද,ඔහුගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද,ශ්‍රී ලංකාවේ දේශය තුල වෙනම රාජ්‍යක් පිහිටුවීමට,කෙලින්ම හෝ අන්‍යකාරයකින්,ශ්‍රී ලංකාව තුල දී හෝ ඉන් පිටතදී අධාරදීම,අනුබලදීම,අනුග්‍රහය දැක්වීම,මුදල් යෙදවීම,ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් ඉදිරියේ ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙන ලදී.