උතුරේ නව ඇමතිවරු දිවුරුම් දෙති
උතුරු පළාත් සභාවේ පුරප්පාඩු වී තිබූ අමාත්‍යාංශ දෙකක් වෙනුවෙන් අද (29දා) නව අමාත්‍යවරුන් දෙදෙනෙකු උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය තමන් වෙත පවරා ගනිමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාද දිවුරුම් දුන්නේය.
මේ අනුව නව උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමුපකාර, ආහාර සැපයුම් හා බෙදා හැරීම්, කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන අමාත්‍යවරිය වශයෙන් ආනන්දි ශෂිධරන් මහත්මියද, උතුරු පළාත් අධ්‍යාපන, ක්‍රීඩා සහ යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු වෙනුවෙන් ආචාර්ය කන්දයියා සරවෙස්වරන් මහතාද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිවුරුම් දුන්හ.
ඊට අමතරව උතුරු පළාත් මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, ඉඩම් විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ත්ව පාලන, වාරිමාර්ග, ජලසම්පදන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂවරන් මහතාද උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
