දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරේ හරහා මන්නාරම දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යෑමට ඉඩ ඇති බවත්, මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳව විමසිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටී.