කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් උතුරු කොරියාව එල්ල කර ඇති තර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍ය යුන් බයින් - සේ ශ්‍රී ලංකාවේ හා සිංගප්පූරුවේ සංචාරයක් ආරම්භ කර තිබේ. ඔහුගේ සංචාරය අද (14දා) ආරම්භ වූ අතර පළමුවෙන්ම සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍ය විවාන බලක්‍රිෂ්ණන් හා සාකච්ඡා පැවැත්වීය. ඔහු හෙට (15දා) ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මේ වන විට උතුරු කොරියාව විසින් මිසයිල අත්හදා බැලීම, ඇතුළුව කරන ආරක්ෂක අත්හදා බැලීම් පිළිබඳව ජාත්‍යන්තරයේ බලපෑමක් එල්ල කිරීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වෙයි.
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අනතුරුව දකුණු කොරියා විදෙස් අමාත්‍යවරයා වියට්නාමයේද සංචාරය කිරීමට නියමිතය.