උතුරේ ක්‍රියාත්මක කල්ලි පිටුපස හිටපු ආරක්ෂක ලේකම්වරයා සිටිනවාද යන්න නොදන්නා බවත්, එහෙත් උතුරේ සිදුවන සිදුවීම් වහාම නවතා දැමිය යුතු බවත් පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එල්.එල්.එම්.හිස්බුල්ලා මහතා සඳහන් කළේය.
පොඩි පොඩි වැඩ ලොකු ප්‍රශ්නයක් විය හැකි බවත්, මේ නිසා ආණ්ඩුව මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන සුදුසු ක්‍රියාමාර්ග වහාම ගත යුතු බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.