උතුරේ උණ රෝගයෙන් මියගිය ගණන 21යි
යාපනය හා මුලතිව් යන දිස්ත්‍රික්කවල පැතිර යන මෙතෙක් හඳුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් පසුගිය 30 වැනිදා මුලතිව් දිස්ත්‍රික්කයේ තවත් කාන්තාවක මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මුලතිව්, වට්ටුවාකල් ප්‍රදේශයේ පදිංචිව සිටි මුරුගනාදන් ජයනී (අවු.44) නමැත්තියකි.
අදාළ කාන්තාව යාපනය ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇය සමග මේ වනවිට එම උණ රෝගය වැලඳීමෙන් මෙම දිස්ත්‍රික්කවල පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.
මරණකාරිය ප්‍රථමයෙන් මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඇයගේ තත්ත්වය බරපතළ වූයෙන් යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබිණි.
ඇයගේ ස්වාමි පුරුෂයාද මීට දින 17කට පමණ පෙර මෙම උණ රෝගය වැලඳීම හේතුවෙන් මුලතිව් රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව මෙම කාන්තාවගේ මරණය සමග මුලතිව් දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගයෙන් මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම උණ රෝගය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ 11 දෙනෙකුද මියගොස් ඇතැයි වාර්තා වේ.
යාපනය ප්‍රසන්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


