උතුරු පළාතේ වෙළඳ ව්‍යාපාරිකයින් අද (21දා) දිනයේද හර්තාල් ව්‍යාපාරයක නිරතවිණ.
වවුනියාව,කිලිනොච්චි හා මුලතිව් මෙන්ම යාපනය දිස්ත්‍රික්කයන්හි මෙම හරතාල් ව්‍යාපාරය ක්‍රියාත්මක විය.
සිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය දූෂණය කොට අමානුෂික අයුරින් ඝාතනය කළ සැකකරුවන්ට මරණ දඬුවම ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම හර්තාලය ක්‍රියාත්මකය.
වවුනියාව හා යාපනය ප්රදේශයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අමතර පොලිස් නිළධාරින් යොදවා සිටියි.