උතුරුමැද පළාත් සභාවේ මහ අමාත්‍ය පේෂල ජයරත්න මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන මන්ත්‍රීවරුන් ගෙන ආ විශ්වාසභංගය අද (15දා) ප්‍රතික්ෂේප විය.
ඒ උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා එම යෝජනාව බාර ගැනීමට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. පළාත් සභාවේ මන්ත්‍රීවරු 17 දෙනෙකු තනි තනිව දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබුණි.
ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පිළිබඳව පළාත් සභාවේ පැවැති විශ්වාසය පළුදු වී ඇති හෙයින් ඔහු එම ධුරයෙන් ඉවත් කර හිටපු මහ අමාත්‍ය රංජිත් සමරකෝන් මහතාට එම ධුරය ලබාදෙන්නැයි මන්ත්‍රීවරු දිවුරුම් ප්‍රකාශ මගින් ඉල්ලා සිටියේය.