යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති යාන්ත්‍රණය සම්බන්ධයෙන් හා නව ව්‍යවස්ථා සංශෝධනයක් කෙරෙහි අවධනය යොමුකොට සියලු ජාතීන්ට එක හා සමානව සැලකීමට දරණ උත්සාහය සම්බන්ධයෙන් ඇමරිකානු රජය බෙහෙවින් සතුටු වන බව ශී ලංකා ඇමරිකානු තානාපති අතුල් කේෂාප් ඊයේ (15 දා) සවස යාපනයේදී පැවසීය.
ඇමරිකානු රජයේ ආධාර මත යාපනයේ ඉඩෙයිකාඩු පළාතේ වෛද්‍ය සායනයක් පැවැත්වීම සදහා පැමිණි ඇමරිකානු තානාපතිවරයා යාපනයේදී ප්‍රභූවරුන් ඇතුලු පිරිසක් හමු වූ අවස්ථාවේද මේ බව කියා සිටියේය.
ශ්‍රී ලාංකිකයින් හා ඇමරිකානුවන් අතර සබදතාවයන් වසර ගණනාවක් දක්වා දිවයන බවත් යාපනයේ ජනතාව හා ඇමරිකානු ජනතාව අතර සම්බන්ධතාව වසර දෙසීයකට වඩා පැරණි යැයිද තානාපතිවරයා පැවසීය.
ඇමරිකාව තවදුරටත් ශ්‍රී ලංකාවේ ආර්ථික,දේශපාලනික සංස්කෘතික හා සාමාජීය කටයුතු වෙනුවෙන් උපකාර කිරීමට සූදානම් බවද ඔහු පැවැසීය.
නමුත් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් මහතා ඇමරිකානු තානාපති වරයාගේ පැමිණීම සම්බන්ධයෙන් පවසන්නේ
ඇමරිකානු තානාපතිවරයාගේ යාපනය සංචාරයෙන් සිදුවුණු කිසිම යහපතක් නොමැති බවත් උතුරු පළාත් සභාව තානාපතිවරයාගෙන් උතුරේ ජනතාවගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම පිණිස ආධාර කරණ මෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු නිහඩව සිටි බවයි.