උතුරු මැද පළාත් සභා අරමුදලින් රුපියල් දෙකෝටි පනස් පන් ලක්ෂයක් වැය කර එම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් හා ප්‍රධාන පෙළේ නිළධාරීන් හැට දෙනකුගෙන් සමන්විත පිරිසක් අධ්‍යයන චාරිකාවක් සදහා නුදුරු දිනකදී දකුණු කොරියාව බලා පටත්ව යාමට නියමිත බව වාර්තාවෙයි.
දකුණු කොරියාවට යන අතරතුරදී කණ්ඩායම තායිලන්තයේද දින කිහිපයක් ගත කිරීමට නියමිතය. එහිදී ලෝකයේ සංචාරකයන් අතර ප්‍රසිද්ධ පූකට් දිවයිනටද යාමට නියමිත බවද වාර්තාවෙයි.
සංචාරයට එක් වන පුද්ගලයකුට රුපියල් හාර ලක්ෂ විසි පන්දහස බැගින් වැය වෙන අතර ඊට අමතරව එක් අයකුට වියදම් මුදල් (පොකට් මනි) වශයෙන් රුපියල් දෙලක්ෂයක්ද ලබාදිමට නියමිතය.