උතුරු මැද පළාත් සමුපාකාර වෙළෙඳ කර්මාන්ත, ග්‍රාම සංවර්ධන හා සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පේෂල ජයරත්න මහතා එම තනතුරෙන් ඉවත් කර ඇත.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා එම අමාත්‍යාංශයේ වැඩ භාරගෙන ඇති බව පැවසේ. පේෂල ජයරත්න මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පළ කිරීමට තීරණය කිරීම නිසා එම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.