ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරයෙකු හා දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ඊයේ (22දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලේ ආසන සංවිධායක ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සරත් ඉලංගසිංහ මහතා ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න මහතා ද පත්කර තිබේ.