උතුරු මැද ඇමතිට ඉල්ලා අස්නොවීමට මහින්දගෙන් උපදෙස්
උතුරු මැද පළාත් සභාවේ හටගෙන තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ උතුරු මැද පළාත් වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන, කාන්තා කටයුතු අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ඒකාබද්ධ විපක්ෂයෙන් දන්වා ඇතැයි වාර්තා වේ.
උතුරු මැද පළාත් සභාවේ අර්බුදකාරී තත්ත්වයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතීව කටයුතු කරන එච්.බී. සේමසිංහ මහතාද සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වී තිබූ අතර, අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට හේතු නොමැති බැවින් ඉල්ලා අස්නොවන ලෙස ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම දන්වා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් උතුරු මැද පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස සහ පළාත් සභා පිළිබඳ අමාත්‍ය කේ.එච්. නන්දසේන මහතා ඇමති ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ උතුරු මැද පළාත් සභා අර්බුදය පිළිබඳව හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ බලමණ්ඩලය උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ඇමතිවරු සමග විජේරාම නිවසේදී පැවැති සාකච්ඡාවකදී මේ බව දැනුම්දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

