උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා සදාචාර නොවන අයුරින් ඊයේ (11දා) අනුරාධපුරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියට එක්ව සිටි බව කැෆේ සංවිධානයට කියයි.
පළාත් ආණ්ඩුකාරවරුන් මැතිවරණ කටයුතු සදහා පැමිණීම සදාචාර සම්පන්න නොවන පසුගිය උතුරු, දකුණු, වයඹ මැතිවරණයන් හි දී මතු කළ කරුණක් බව කැෆේ සංවිධානය පවසයි.
එසේම මැතිවරණ කටයුතු සදහා මහජන දේපළ අයථා පරිහරණය සම්බන්ධයෙන් ද, වීදියේ විරෝධය කණ්ඩායමට ප්රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ද උතුරුමැද ආණ්ඩුකාරවරයාට චෝදනා එල්ල වී ඇති බවද කැෆේ සංවිධානය වැඩිදුරටත් කියයි.