උතුරු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා නව අමාත්‍යාංශ 3ක් වෙනුවෙන් ඊයේ (23දා) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.
සමාජ සේවා, පුනරුත්ථාපන කටයුතු හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ මේ අනුව මහඇමතිවරයා යටතට පත්කර තිබේ.
අදාළ අමාත්‍යාංශ වලට අමතරව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙතෙක් කටයුතු කළ මුදල් හා ක්‍රමසම්පාදන,නීතිය හා සාමය ඉඩම්, විදුලිබල ,නිවාස හා ඉදිකිරීම්, කර්මාන්ත හා ව්‍යවසාය,ප්‍රවර්ධන, සංචාරක ,පළාත්පාලන හා පළාත් පරිපාලන අමත්‍යවරයා වශයෙන්ද ඔහු එහිදී දිවුරුම් දෙන ලදී .