උතුරු මහ ඇමති පළමු වරට නාගදීපයට යයි
68 වෙනි ජාතික නිදහස දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද ගායනා කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභා මහ ඇමති සී.වී. විග්නේස්වරන් දැඩි සතුට පළ කරමින් ඊයේ (05දා) පළමු වතාවට යාපනයේ පිහිටි නාග විහාරයට ගොස් බුදුන් වැඳ ගෞරව දැක්වීම විශේෂ සිදුවීමක් විය.
මහඇමති වරයා බුදුන් වැඳීමෙන් පසුව කියා සිටියේ
"ඒක සංහිඳියා වැඩපිළිවෙලේ සුබ වාදී පෙර නිමිත්තක්. සිංහල දෙමළ සහෝදරත්වයට පිළිගැනීමක් ලැබී තිබෙනවා ‘ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ගැන බොහොම සන්තෝෂයි. ඒක පොඩි දෙයක් වුනාට දැන් ලංකාවේ සිංහල දෙමළ මිනිස්සුන්ගේ සහෝදරත්වය පිළිගන්නා බව පෙන්වමින් සියල්ල වෙනස් වෙමින් පවතිනවා. ඉතින් ඒ අදහස කියන්න හාමුදුරුවෝ හම්බවෙන්න මම නාග විහාරයට ආවා.සිංහල ජනතාව අපිව බලා ගන්න අඩියක් ඉස්සරහට ආවොත් අපි සිංහල ජනතාව ඉස්සරහට අඩි දහයක් එනවා කියල කියන්න සතුටුයි" යනුවෙනි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
