උතුරු පළාතේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් අද (27දා) දින උදෑසන සිට බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණි. උතුරු පළාතේ සියලුම මාර්ගවල ධාවනයට එක වන පෞද්ගලික බස් රථ මෙම වර්ජනය සඳහා එක් විය.
පසුව බස් රථ හිමිකරුවන්, උතුරු පළාත් ප්‍රවාහන අමාත්‍ය වී. ඩනීශ්වරන් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව බස් රථ වර්ජනය නතර කෙරිණි.
ඒකාබද්ධ කාලසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම, උතුරු පළාත් ප්‍රවාහන ප්රඥප්තිය සම්මත කර කඩිනමින් එය පළාතේ බලාත්මක කිරීම, සියලුම පාර්ශ්ව සමග ජූලි 11 දින පෙ.ව 10.00 ට සාකච්ඡාවක් පවත්වා ඉහත කරුණු ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම යන කරුණු එම සාකච්ඡාවෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට යටත්ව උතුරු පළාත තුළ අද (27දා) දින පැවැත්වූ පෞද්ගලික බස් රථ වර්ජනය අවසන් කරන ලදී.