උතුරු පළාත් සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ශී‍්‍රලංකා රජයෙන් නොඉල්ලා ඉන්දීය රජයෙන් ඉල්ලීමේ ව්‍යාපෘතියක් සැලසුම් කළද, ඉන්දීය රජයෙන් ලබාදෙන වාහන සංඛ්‍යාව අඩු වීම නිසා එම ව්‍යාපෘතිය අවලංගු කිරීමට සිදුව ඇති බවට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් මහතා කියා සිටියේය.
තීරු බදු රහිත වාහන උතුරු පළාත් සභාවේ සියලුම මන්තත්රීන්ට ලබාදීමට ඉන්දියාව මුලින් එකඟ වුවත් පසුව එම තීරු බදු රහිත වාහන සංඛ්‍යාව 08ක් දක්වා අඩුවී තිබේ. ඒ හරහා ඇතම් මන්ත්‍රීන්ට වාහන නොලැබීම මත ඔවුන් ඉන්දියාවට දැනුම් දී තීරු බදු රහිත වාහන ලබාදෙන්නේ නම් සියලුම මන්ත්‍රීවරුන්ට එය ලබා දිය යුතු බව පවසා ඇතැයි වාර්තා වේ.