උතුරු පළාත් අධ්‍යාපන ඇමති තාවකාලිකව ඉල්ලා අස්වෙයි
උතුරු පළාත් ඇමතිවරු ගැන සම්බන්ධන් උතුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග සාකච්ඡාවක
තමාට එල්ලවීඇති දූෂණ චෝදනා පිළිබඳ විමර්ශනයක් සිදුකර අවසන්තීරණයක් ගන්නාතුරු අමාත්‍යධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය තම්බිරාජා ගුරුකුලරාජා තීරණය කර තිබේ.
උතුරු පළාත්සභාවේ අමාත්‍යවරුන් දෙදෙනෙක් දූෂණ හා අක්‍රමිකතා සිදුකර ඇතිබවට සඳහන් කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පසුගියදා පළාත් සභාවට ඉදිරිපත් කෙරිණි.
අදාල විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් පළාත් සභා විවාදය පැවැත්වීමට නියමිතව ඇත්තේ අනිද්දා (14දා) ය.
මෙම විමර්ශන වාර්තාව පළාත් සභාවට ඉදිරිපත් කරන අවස්ථාවේ දූෂණ චෝදනා එල්ල වූ ඇමතිවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවූ අතර, කෙසේවෙතත් ඉන් එක් අමාත්‍යවරයකු වූපළාත් අධ්‍යාපන අමාත්‍ය තම්බිරාජා ගුරුකුලරාජා මහතා මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
චෝදනා එල්ල වූ අනිකුත් අමාත්‍යවරයා වූපළාත් කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්ගරනේෂන් මහතා මේ සම්බන්ධයෙන් කිසිවක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
මෙම වාර්තාව සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට ඇත්නම් මේමස 14 වැනිදාට පෙර ලිඛිතව දක්වන ලෙස අදාළ අමාත්‍යවරුන්ට ප්‍රධාන අමාත්‍යවරයා පසුගියදා දැනුම්දුන්නේය.
මෙම වාර්තාව මේමස 14 වැනිදා පළාත් සභාවේදී විවාදයට ගන්නා අතර, එයට සියලුම මන්ත්‍රීවරුන් සභභාගී විය යුතු බවද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.විවාදයෙන් පසුව අදාළ අමාත්‍යවරුන් දෙදෙනා පිළිබඳ යෝජනා සම්මත කරගැනීමටද නියමිතය.
මේඅතර උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සම්බන්ධ මෙම වාර්තාව සම්බන්ධයෙන් උතුරු පළාත නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා සකාච්ඡාකිරීමට විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා තීරණය කර තිබේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බවත්, ඔහුගේ තීරණයට සහය දක්වන බවත් විපක්ෂනායක ආර් සම්බන්ධන් මහතා ප්‍රකාශ කර ඇත.