සාමය හා සමගි සන්ධානය වෙනුවෙන් ශ්‍රී ලංකාව ධනාත්මක පියවර රාශියක් ගෙන තිබෙන නමුත් ඒ වෙනුවෙන් ඉටු කිරිමට ශ්‍රී ලංකාවට තවත් වැඩ කොටසක් තිබෙන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් මහතා පැවැසීය.
කොළඹ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ජාතික ගීය භාෂා දෙකකින් ගායන කිරීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ස්වාධීන මානව හිමිකම් කොමිසමක් ස්ථාපිත කිරීම ආදි රජය ගත් ක්‍රියාමාර්ග මහ ලේකම්වරයාගේ පැසසුමට ලක්විය.
එසේ වුවත් විසඳා ගැනීමට තවත් දේවල් තිබෙන බවන පෙන්වා දුන් මහ ලේකම්වරයා ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සහාය ශ්‍රී ලංකාවට නිබඳවම හිමිවෙන බවද පැවැසීය.
උතුරේ හා නැගෙනහිර සිටින හමුදා සාමාජිකයන් අඩු කිරීම, සිවිල් වැසියන්ගේ ඉඩම් ආපසු ලබා දීම වේගවත් කිරීම ආදි දෑ සිදු කිරීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දුන්නේය.