උතුරු කොළඹ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක 'දිවියට සවියක්' වැඩසටහනේ තවත් පියවරක් ලෙස ප්‍රදේශයේ ඇළ මාර්ග පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ 2016 ජනවාරි මාසයේ දී ආරම්භ කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය කියයි.
'අපේ ඇළ සුරැකීමේ සංගමය' මේ සඳහා පිහිටුවා ගැනීමට නියමිත අතර ප්‍රධාන ඇළ මාර්ග තම නිවස අසලින් පිරිසිදු කිරීමට ප්‍රදේශවාසීන් පෙළඹවීම එහි අරමුණ වී තිබේ.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් ලෙස දිවියට සවියක් වැඩසටහන ක්‍රියාත්මක වෙයි.