උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීමට දැඩිවිරෝධය
උතුරු කොරියාව විසින් සිදුකර ඇති පස් වැනි හා එදාමෙදා සිදුකළ දැවැන්තම න්‍යෂ්ටික අත්හදා බැලීමට ලෝක නායකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
පස් වැනි වතාවටත් තම රට සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම සාර්ථක වූ බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අවධාරණය කළේය.
උතුරු කොරියාවේ රික්ටර් පරිමාණ 5.3ක භූ කම්පනයක් ලෙස මෙම න්‍යෂ්ටික අත්හදා බැලීම මුලින් වාර්තා වූයේ, එය පොළොව අභ්‍යන්තරයේ සිදුකළ දැවැන්ත න්‍යෂ්ටික අත්හදා බැලීමක් නිසාය.
විශේෂයෙන්ම මෙය තමා විසින්ම විනාශය වෙත කරා යෑමක් ලෙස දකුණු කොරියාව හඳුන්වන විට ඇමෙරිකාව විසින් උතුරු කොරියාව වෙත තවදුරටත් සම්බාධක පැනවීමට තීරණය කර තිබේ.
එමෙන්ම, උතුරු කොරියාවේ මිතුරන් වූ චීනය මෙන්ම, රුසියාවද මෙම අත්හදා බැලීම දැඩිව විවේචනය කිරීම විශේෂත්වයකි.
චීනය මීට තරයේ විරුද්ධත්වය ප්‍රකාශ කරන විට රුසියාව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සම්මුතීන් ආරක්ෂා කිරීමට උතුරු කොරියාව බැඳී සිටිය යුතු බවය.
උතුරු කොරියාව මෙම වසර තුළ සිදුකළ දෙවැනි න්‍යෂ්ටික අත්හදා බැලීම ලෙසද මෙය සටහන් වන අතර, 2006 වසරේදී ඔවුන් සිදුකළ ප්‍රථම න්‍යෂ්ටික අත්හදා බැලීමත් සමග උතුරු කොරියාව කලාපයේ හුදෙකලා රාජ්‍යයක් බවට පත්විය.
කෙසේ වෙතත්, උතුරු කොරියාවේ ජාතික දිනය ලෙස සැලකෙන වත්මන් පාලන තන්ත්රෙයේ සමාරම්භය සනිටුහන් වන දිනයේදී ඔවුන්ගේ යුද ශක්තිය පෙන්වීමට මෙම න්‍යෂ්ටික අත්හදා බැලීම සිදුකර ඇත.
.jpg)
.gif)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

