ඉන්දියාවේ මියන්මාර හා බංග්ලාදේශ දේශසීමා ආසන්නයේ ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ ඇති වූ රික්ටර් පරිමාණ 6.7ක භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට වේලාවෙන් අද (04දා) අලුයම් කාලයේදී මනිපූර් හි අගනගරය වන ඉම්ෆාල් හි සිට කිලෝ මීටර් 29ක් වයඹ දිගින් භූ කම්පනය අති වූ බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මෙම භූ කම්පනයත් සමග එම කලාපය තුළ ප්‍රබල කම්පනයන් දැනී ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මුලදී මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 6.8ක භූ කම්පනයක් ලෙස සැලකිණු අතර, ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව එහි අපිකේන්ද්‍රය පොළො මට්ටමින් කිලෝමීටර් 17ක් ගැඹුරින් පිහිටි බවද පවසයි.
භූ කම්පනය හේතුවෙන් ඉම්ෆාල් නගරයේ අලුතින් ඉදිකරන ලද මහල් 6ක ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත්, තවත් ගොඩනැගිලි රැසකට අලාභානි සිදුවී ඇති බවත් පොලීසිය පවසයි.
භූ කම්පනය හේතුවෙන් තුවාල ලැබූ පිරිස 200ක් ඉක්වනු ඇති බවද කියැවෙයි.