ධ්‍රැවීය සුළි සුළං සමග උතුරු හා මධ්‍යම ඇමෙරිකාවේ වාර්තාගත අවම උෂ්ණත්වයක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. කාලගුණ වාර්තා පෙන්වාදෙන පරිදි දැඩි සීත සුළං ප්‍රවාහය සමග උතුරු සහ මධ්‍යම ඇමෙරිකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 51 ක් (-51C0) ක් දක්වා වාර්තාගත ලෙස අඩුවී තිබේ.
හිම කුණාටු නිසා මේ වනවිටත් කැනඩාව හා ඊසානදිග ඇමෙරිකානු කලාපය අඩි 2කට (සෙ.මී.60ක) ආසන්න හිමපතනයකින් වැසී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම දැඩි හිමපතනය හේතුවෙන් කලාපය තුළ ජීවිත අහිමිවීම් 16 ක් වාර්තාවන අතර, පසුගිය සති අන්තය වනවිට ගුවන්ගමන් වාර 3,700කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බවද වාර්තා වෙයි. එමෙන්ම, බොහෝ ප්‍රදේශවල විදුලිබලය ඇණහිට ඇති බවද කියැවෙයි.
තම ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම මහා මාර්ගවල හිම ඉවත්කිරීමේ කටයුතු පහසුකිරීම සඳහා ජනතාවට හැකිතරම් නිවෙස් තුළටම වී සිටින ලෙසට බලධාරීන් අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.