උතුරු අධිවේගී මාර්ගය ඉදිකිරීමටත් ප්රථමව මුදල් දී පසුගිය ආණ්ඩුව කොමිස් ලබාගෙන ඇති බවත්, ජනපතවරණයට ප්රථමව එසේ කොමිස් ලබාගෙන තිබෙන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය.
වලපනේ අද (17දා) පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ අදහස් ප්රකාශ කළේය.
එසේම ජනතාව මෙම ආණ්ඩුව අච්චාරු ආණ්ඩුවක් බවට ප්රකාශ කළත් පසුගිය ආණ්ඩුවට දින 100කින් කළ නොහැකිවූ කාර්යයන් වත්මන් ආණ්ඩුව දින 100ක් ඇතුළත කළ බවත් ඔහු ප්රකාශ කළේය.
"රාජපක්ෂ ආණ්ඩුව වසර 05කින් නොකරපු දේවල් මේ අච්චාරු ආණ්ඩුව දින සියයකින් සිදු කොට ඇති බව මා මෙහිදි කිව යුතුයි. දැන් ජනතාවගේ ජීවන බර අඩුකර තිබෙනවා. පසුගිය රජයට අවුරුදු 05න් කරන්නට බැරිවුණ දේ අපේ ආණ්ඩුව දින 100න් කරලා තියෙනවා.
මේ අච්චාරු ආණ්ඩුවෙන් ඔබේ මල්ල පිරෙව්වා කියලා මම කියන්න කැමතියි. රාජපක්ෂ රෙජිමය ඒ ගොල්ලන්ගේ මල්ල පුරවා ගෙන ජනතාව බඩගින්නේ තැබුවා. උතුරු අධිවේගි මාර්ගය ඇතුළු පාරවල් ගණනාවකට හදන්නත් පෙර සල්ලි දීලා කොමිස් අරගෙන තියෙනවා. ජනාධිපතිවරණයට කලින් ඒ සියලූ කොමිස් මුදල් එකතු කර ගෙන තියෙනවා. මේවා ජාතික අපරාධ.
දැන් අපි ජපානයෙන්, කොරියාවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් සල්ලි ලබාගන්න හැදුවම ඒ අය කියන්නේ ඒ විදියට වංචාකාරී කොන්ත්රාත්කරුවන්ට මුදල් දෙන්න බැහැ කියලයි. නීත්යානුකඣල ලෙස ටෙන්ඩර් කැදවලා සුදුසු පුද්ගලයන්ට ඒ කොන්ත්රාත් ලබා දෙන ලෙසයි. ඉතින් දැන් අර වංචාකාරී කොන්ත්රාත් කරුවන්ට කොන්ත්රාත් එක නැහැ. ඉතිං ඔවුන් රාජපක්ෂ රෙජිමයට බනිනවා. ඒ අය අපිට බනිනවා" යැයි අග්රාමාත්යවරයා පැවැසිය.