උතුරු මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට - ජනපති අගමැති හමුවේ
උතුරේ ජනමාධ්යවේදීහූ පිරිසක් අද (07) පාර්ලිමේන්තුවේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවුහ.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ''තල්පතයි- පන්හිදයි යා කරන සංහිදියාවේ චාරිකාවේ'' දෙවැනි පියවර ලෙස උතුරේජනමාධ්යවේදීන් දකුණේ සංචාරය සිදු කළ බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා ප්‍රකාශ කළේ ය.
මීට පෙර දකුණේ මාධ්‍යවේදීන් පිරිසක් උතුරේ සංහිදියාවේ චාරිකාවක නිරත වූ අතර එහිදි කළ ආරාධනයකට අනුව උතුරේ මාධ්‍යවේදීන් මෙම සහෝදරාත්මක චාරිකාවේ නිරත වූ බව ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා ප්‍රකාශකළේය.
මෙම මස 06 වැනිදා ආරම්භකළ උතුරේ මාධ්‍ය සහෝදරයන්ගේ දකුණේ සංචාරය දින 04ක් සිදුකොට 09දායින් අවසන්වේ. දකුණේ සංචාරයට එක් වූ 54ක් වන මාධ්‍යවේදීන් පිරිස අද (07 දා) පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීය. ඔවුන්ගේ ගැටලු හා ජනමාධ්‍ය ක්ෂේත්රයේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමාට හා අග්‍රාමාත්‍යතුමාට කරුණු දන්වා සිටියේ ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

