උතුරු පළාතේ ප්‍රදේශ රැසකට අද (15දා) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලට මි.මි.50 පමණ තරමක් තද වැසි අපේක්ෂා කළ හැකිය.
මීට අමතරව නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් වැසි ඇතිවීමේ හැකියාව තරමක් අඩුවන අතර, බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක මදවැසි අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.