උත්සව කාලයට සහන මිල වෙළෙඳසැල්
එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් සහන මිල වෙළඳසැල් (Fair Price Shops) ඇති කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.
එමගින් සහල්, පරිප්පු, සීනි, හාල්මැස්සන්, ලූනු, අර්තාපල් හා ටින් මාළු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 08ක් ඇතුළත් සහන මල්ලක් (Budget Pack) වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමටත් නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන්ගේ සහ අදාළ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගේද සහභාගීත්වය ඇතිව පෙරේදා (12දා) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී එම තීරණවලට එළඹිණි.
පෞද්ගලික සුපිරි වෙළෙදසැල් ජාලය හා ලංකා සතොස අලෙවි සැල් මගින් එම සහන මල්ල පාරිභෝගිකයන්ට ලබාගැනීමට හැකිවන පරිදි බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටද අපේක්ෂිතය.
ලංකා සතොස, කාගීල්ස් ෆුඩ් සිටි ආයතනය, ලාෆ්ස් සමාගම, රිචඩ් පීරිස් සමාගම, ජෝන් කීල්ස් සමාගම හා වික්‍රමරත්න පෞද්ගලික සමාගම වැනි ප්රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් හා ආයතන මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට එකඟතාවය පළකර ඇතැයිද එම අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


