ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් නව මහ ඇමතිවරයා ලෙස තේරීපත් යෝගී ආධිත්‍යනාත් ප්‍රාන්තයේ සියලු නීති විරෝධී මස් මඩු වසා දැමීමට නියෝග කර තිබේ.
උතුරු ඉන්දියාවේ ඉහළම ජනගහනයක් ජීවත්වන උත්තර් ප්‍රදේශ් හි පසුගියදා පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් පාලක භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබාගත්තේ අගමැති මෝදිගේ පාලනය පිළිබඳ ජනතා විශ්වාසය තහවුරු කරමිනි.
ඒ අනුව, අගමැති මෝදි විසින් ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස ආධිත්‍යනාත් පත්කළ අතර, හින්දු යෝගියෙකු වන ඔහු අවිහිංසාවාදියෙකු ලෙසද ප්රකටය.
විශේෂයෙන්ම, ගව ඝාතනය හා ගව මස් ආහාරයට ගැනීම සඳහා දැඩි විරෝධයක් දක්වන නව මහ ඇමතිවරයාගේ තීරණය දැඩිව දැනී තිබුණේ ප්‍රාන්තයේ ජීවත් වන 18% ක් පමණ වන මුස්ලිම් ජනතාවටය.
ඒ අනුව, මෙම තීරණයට එරෙහිව වැඩවර්ජනයක් සිදුකරන බව මස් වෙළෙන්ඳන් පවසා තිබුණත්, මෙය නීතිවිරෝධී මස් මඩු සඳහා පමණක් වන තහනමක් නිසා නීතිය අකුරට ක්‍රියාත්මක කරන ලෙසද නව මහ ඇමතිවරයා උපදෙස් ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.