රුහුණ විශ්වවිද්‍යාලයේ උණ රෝගී තත්ත්වයක් පැතිරයාම හේතුවෙන් පීඨ දෙකක් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය හා තාක්ෂණ විද්‍යා පීඨය මෙසේ වසා දැමීමට තීරණය කළ බව ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව මෙලෙස වසා දමන ලද පීඨ සිංහල සහ දෙමළ අවුරදු නිවාඩුව අවසන් වූ විට නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව ඒ මහතා සඳහන් කරන ලදී.