සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වූ අපවත් වී වදාළ මාඳුළුවාවේ සෝභිත හිමියන් අපවත් කළ බවට උඩුවේ ධම්මාලෝක හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලීසිය සූදානම් වෙනවා.
ඉදිරි දින දෙක තුළදී මෙම ප්‍රකාශය ගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. උඩුවේ ධම්මාලෝක හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනපතිවරයාගේ හා අගමැතිවරයාගේ අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙනවා.
මේ අතර අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි නිතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පතිවරයාට නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.
(ඩේලි මිරර් ඇසුරෙනි)