උඩුවේ හිමිට එරෙහි නඩුව විභාගයට
සොරකම් කළ අලි පැටවෙකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන ජූලි මස 12 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා තීරණය කළේය.
2015 ජනවාරි මස 28 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කිරුලපන ඇලන් මැතිණියාරාම විහාරස්ථානයේදී ලියාපදිංචි නොකළ හා බලපත්ර නොමැති අලියෙකු තම භාරයේ තබාගෙන සිටි බවද, ලියාපදිංචි නොකළ හා සොරකම් කරන ලද අලියෙකු බව දනිමින්ම හා ලියාපදිංචි නොකළ හා සොරකම් කරන ලද අලියෙකු බව විශ්වාස කිරීමට හේතු තිබියදී පොදු දේපොළක් වන අලියෙකු වංචනිකව තම සන්තකයේ තබාගන්නා ලදැයිද අධිචෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.
පොදු දේපොළක් වන අලි පැටවා නිසි බලපත්රයක් නොමැතිව තබාගෙන සිටි බවට නීතිපතිවරයා විසින් උඩුවේ හිමියන්ට එරෙහිව නගා ඇති චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 19ක් හා ලේඛන තුනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

