අයිතිය සනාථ කරගත නොහැකි අලි පැටියෙකු ගෙනැවිත් ඇලන් මැතිනියාරාම පන්සලේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා දැනුම්දී ඇතැයි රහස් පොලීසිය කොළඹ අතිරේක මහෙස්ත්රාත් නිශාන්ත පීරීස් මහතාට දැනුම් දුන්නේය.
වනාන්තරවලින් අල්ලාගත් අලි පැටවුන් හොර රහසේ ගෙනැවිත් තබාගෙන සිටින ලදැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ මේ බව දැනුම්දුන් රහස් පොලීසිය අත්අඩංගුවට ගැනීමට පෙර උන්වහන්සේගෙන් ප්රකාශයක් ලබාගන්නා ලෙසටද උපදෙස්දී ඇතැයි වැඩිදුරටත් දැනුම් දුන්නේය.
රහස් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේදී කිරුලපන, ඇලන් මැතිනියාරාම පන්සලේ සිටියදී වයස අවුරුදු 2 ½ක් පමණ වයසැති අලි පැටවෙකු රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, එම අලි පැටවා රුපියල් ලකෂ 59ක් පමණ වටිනා බව රහස් පොලීසිය පවසයි.