උඩවලව ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇති හෙයින් එහි වාන් දොරටු පහක් අඩි එකහමාර බැගින් අද (18දා) දහවල් සිට විවෘත කළ බව උඩවලව වාරි මාර්ග කාර්යාලය පවසයි.
මේ නිසා ජලාශයට පහළින් පිහිටි මොරකැටිය, රිදියගම, මාලෙකොලනිය, අම්බලන්තොට ආදි ප්රදේශවල ගඟ දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මේ වනවිට විවෘත කර ඇති දොරටු පහෙන් තත්පරයට ඝන අඩි දාසය දහස බැගින් වූ ජල ප්රමාණයක් වලවේ ගඟට මුදාහැරෙයි.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ. නානායක්කාර