වැඩේ ඉවරවුණාම ප්රතිඵල දෙනවා
ඡන්ද ප්රතිඵල නිකුත් කරන වේලාව සඳහන් කර මීට පෙර විවිධ උගුල්වලට හසු වී තිබෙන නිසා ඌව පළාත් සභා මැතිවරණයේ ප්රතිඵල නිකුත් කරන්නේ වැඩ අවසන් වූ පසුව බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා සඳහන් කරයි.
ඡන්ද විමසීම ආරම්භ වීමට සහ අවසන් වීමට නිශ්චිත වේලාවක් තිබුණද ප්රතිඵල නිකුත්කිරීමට නිශ්චිත වේලාවක් නොමැති බවත්, මීට පෙර මැතිවරණවලදී ප්රතිඵල නිකුත් කරන බව කී කාලවේලාවට ප්රතිඵල නිකුත් කිරීමට නොහැකි වූ විට නිලධාරීන්ට විවිධ බැනුම් අසන්නට සිදු වූ බවත් ඔහු පවසා සිටියේය.
“බැලට් පේපරය දිගයි, යන නිලධාරී හිඟයි, කාලසීමාව ගැන හිතන්න ඕනෑ. 20 වෙනිදයි ඡන්දය තියෙන්නෙ. කවදාවත් ප්රතිඵල දෙන්න 22 වැනිදා පහුවෙන්නෙ නැහැ. අපි දවල් 12.00 ට කලින් දෙන්න පුළුවන් කිව්වම කොළඹින් කියනවා 12 ට දෙනවා කියලා, තවම මොකද නැත්තේ කියලා කච්චේරියේ ඉන්න අයට බනිනවා. ඒක නිසා ඒ උගුලේ වැටෙන්න දැන් ඕනකමක් නැහැ වැඩේ ඉවරවුණාම තමයි දෙන්නේ.
මේක විභාග ප්රශ්න පත්රය එකතු කරනවා වගේ හරියට 12.00 ට එකතු කරන්න ඕනෑකමක් නැහැ. ඡන්දය හරියට හතරට නවත්වනවා. ඒකට විතරයි නිශ්චිත වෙලාවක් තියෙන්නේ. හතට පටන්ගන්නවා, හතරට නවත්වනවා. ඒ නිසා ඡන්ද ප්රතිඵල දෙන වෙලාව කියන්නේ නැහැ" යනුවෙන්ද මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.