ශ්රී ලංකා රජය හා ශ්රී ලංකා මහ බැංකුව එක්ව ක්රියාත්මක කරන උකස් ණය ඇප ආවරණ යෝජනා ක්රමය යටතේ ණය ලබාදෙන සියලු බැංකුවලට උකස් ණය සඳහා මෙතෙක් අයකළ 15% පොලී අනුපාතය වහාම ක්රියාත්මක වන පරිදි 12% දක්වා අඩු කරන ලෙස ශ්රී ලංකා මහ බැංකුවා දන්වා තිබේ.
දැනට, බැංකු 12ක් උකස් ණය ඇප ආවරණ යෝජනා ක්රමයට සම්බන්ධ වී ඇති අතර, එමගින් රන් භාණ්ඩවල වටිනාකමෙන් 80% දක්වා වූ ප්රමාණයකට ණය අත්තිකාරම් සපයනු ලබන බව ශ්රී ලංකා මහ බැංකුව කියයි.