උකස් කළ රන් බඩුවලට පොලිය කපන බව කීවත් තවමත් නීති සාදා නෑ
රුපියල් ලක්ෂ 02 ක් දක්වා උකස් කර ඇති රන් භාණ්ඩ සඳහා ගෙවිය යුතු අධික පොලිය සහ දඩ මුදල් කපාහරින බවට ජනවාරි 29 වැනිදා ඉදිරිපත් කළ අතුරු අයවැයේ සඳහන් වුවද, මේ දක්වා ඊට අවශ්‍ය නීති කෙටුම්පත් පවා සකස්කර අවසන් නැති නිසා බැංකු අර්බුදයකට පත්ව ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
දින 100 වැඩපිළිවෙළේ ප්‍රගතිය දක්වමින් මාර්තු 11 වැනිදා රජය ප්‍රකාශයට පත් කර ඇති නිවේදනයෙහි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තවමත් නීති කෙටුම්පත් සකස් කරමින් පවතින බවට දක්වා ඇති බැවින්, මෙහි යම්කිසි ප්‍රමාදයක් පවතින බවට රජය එමගින් පිළිගෙන තිබෙන බව එහි සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය.
කිසිදු කෙටුම්පතක් සකස් නොකරමින් අයවැය යෝජනාවට මෙය ඇතුළත් කර තිබූ බවද ඔහු සඳහන් කළේය.
රන් භාණ්ඩ සඳහා ගෙවිය යුතු අධික පොලිය හා දඩ මුදල් ඉවත් කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පෙබරවාරි 09 වැනිදා ආරම්භය සපයන බවටත්, පළමු පියවර පෙබරවාරි 26 වැනිදා සිදුකරන බවටත් අයවැයෙන් යෝජනා වූ බවද විතානගේ මහතා ප්‍රකාශ කළේය.
එහෙත් මේ දක්වා අදාළ චක්‍රලේඛය සකස්කර බැංකුවලට යවා නැති බැවින් පාරිභෝගිකයන් සම්බන්ධව කටයුතු කිරීමේදී බැංකු අපහසුතාවට පත්ව ඇතැයිද හෙතෙම පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

