උ පෙළ හොඳම ප්‍රතිඵල උතුරෙන්
උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ලංකාවේ පළාත් නවයෙන් විශිෂ්ටම ප්‍රතිඵල හිමිවූයේ උතුරු පළාතට බවත්, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ දරුවන් අතරින් දිස්ත්‍රික්ක මට්ටමින් ඉහළම ප්‍ර‘වේශයක් තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කය බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ඊයේ (27දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවති සමෘද්ධි සිසු දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයට එක්වෙමින් ජනපතිවරයා මෙම අදහස් දැක්වීය.
“අප් ඒ ගැන සතුටු වෙනවා. යුද්ධයේ භීෂණයත් සමග ජීවත් වූ දරුවන් අද රටේ තරගකාරීත්වය තුළ විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා දී තිබෙනවා. ඇතැම් උදවිය මේ රජය කරන්නේ මොනවාද කියා ඇසුවත් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවා වලට මේ වසරේ වෙන් කර ඇති මුදල මීට පෙර කිසියම් වර්ෂයක වෙන්කර නොමැති බව මේ රටේ බොහෝදෙනෙක් දන්නා වූ කාරණයක්.
මේ වර්ෂය අපේ සංවර්ධන වර්ෂයයි. රටේ ආර්ථිකය ගොඩනැගීමේ වර්ෂයයි. අපි පසුගිය වර්ෂයේ ප්‍රමුඛතාවය දුන්නේ අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණයන් සඳහා. ඒ දේශපාලන ප්‍රතිසංස්කරණ වල අපි ප්‍රගතියක් ලැබුවා. අද අපිට තිබෙන්නේ රටේ දුගීභාවය තුරන් කරලා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි" යැයි ජනපතිවරයා සඳහන් කළේය.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

