උතුරු කොරියාව විසින් සිදුකරන ලද මිසයිල අත්හදාබැලීම් හෙළා දකිමින්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන සිටි ඇති බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.
මෙම නිවේදනය නිකුත් වීමෙන් පසුව සමාජජාල අඩවිවල ජනාධිපතිවරයාට එරෙහිව මඩ ප්‍රහාරයක් සිදුවන බවද අමාත්‍යවරයා කියා තිබුණේ, ඊයේ (02දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ එම නිවේදනයේ සඳහන්ව තිබුණේ, 'ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදුකරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකිනවා' යනුවෙනි.
ඒ අනුව, කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් විමසීමක් කළ බවත්, ඒ පිළිබඳව අමාත්‍යවරයාද නොදන්නේ යැයි පැවසූ බවත් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
"එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා" යනුවෙන් වැඩිදුරටත් පැවසීය.