ඊළමේ ප්‍රධාන අගනුවර ත්‍රිකුණාමලය යැයි පවසමින් ඉන්දියාවේ තමිල්නාඩුවේ ජනතාව දහස් ගණනක් රැස්වී ගීතයක් ගායනා කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා අද (05දා) පැවසීය.
තමිල්නාඩුවේ සිටින මිලියන 80ක් වන දෙමළ ජනතාව ඊළාම් රාජ්‍යය සඳහා සහාය පළකරන ආකාරය මෙම ගීතයෙන් පෙන්වා තිබෙන බවද ඔහු කීය.
ප්රභාකරන් තමිල්නාඩු ජනතාවගේ වැඩිමහල් සොහොයුරා යැයිද, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඊළාම් සිහිනය බොඳවී නොමැති යැයිඑම ගීතයෙන් කියවෙන බවද වීරසේකර මහතා ප්‍රකාශ කළේය.
එළිය සංවිධානය කොළඹ පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයන් සහ ඔවුන්ට උඩගෙඩි දෙන සිංහල දේශපාලනඥයන් ඊළම සඳහා සහාය පළකරමින් සිටින බවත්,රණවිරුන් දිවිපුදා බේරාගත් රට පාවාදීමට ඔවුන් කටයුතු කර ඇති බවත්ය.