කාලයක් තිස්සේ ඊසි කෑෂ් ක්රමයට මුදල් ලබා ගනිමින් වත්තල සිට ඌරගස්මංහංදිය ප්රදේශයට හෙරොයින් මත් කුඩු බෙදා හැරීමේ ජාවාරමක නිරතවූ බව කියන 34 හැවිරිදි විවාහක කාන්තාවක හෙරොයින් ග්රෑම් 10 ක් සහ ඇයට මෙම ජාවාරමට සහය දුන් 45 හැවිරිදි කාන්තාවක හෙරොයින් ග්රෑම් එකක් ද සමගින් ඊයේ (28දා) සවස බෙන්තොට හබුරුගලදී සැකපිට අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහංදිය පොලිසිය පවසයි.
ඌරගස්මංහංදිය ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි සැකකාරිය සහ වත්තල පදිංචි 45 හැවිරිදි සැකකාරිය අද(29දා)ඇල්පිටිය මහේස්ත්රා අධිකරණය වෙත ඉදිරි පත්කිරීමට නියමිතව තිබිණි
චතුරිකා ජයරත්න