දිවයින හරහා ඉදිරි දින කිහිපයේදී ඊසාන දිග මෝසම ස්ථාපිත වේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට දිනය සඳහා වන කාලගුණ නිවේදනය අද (15දා) මධ්‍යාහ්නයේදී නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි.
හෙට දිනයේදී උතුරු, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල වැසි වර කිහිපයක් ඇති වෙන බවත් සෙසු පළාත්වල සවස 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයේ වෙයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල මිලි මීටර් 75ක් දකාවා සාමාන්‍ය වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.